සිරුරේ ප්‍රතිශක්තිය වඩවන හොදම විටමින් වර්ග

Corona වයිරසය නිසා මේ දවස් වල හැමතැනම කතාවෙන වචනයක් තමයි ප්‍රතිශක්තිය.ප්‍රතිශක්තිය කියන්නේ ලෙඩ රෝග සමග සටන් කිරීමට අපගේ ශරීරයේ තිබෙන හැකියාවයි.මෙය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.සමහර දෙනෙක්ට ඉහල ප්‍රතිශක්තියක් තිබෙන අතර සමහර අයට පහල ප්‍රතිශක්තිමට්ටමක් තමයි  තියෙන්නේ.ඉතින් මේ වගේ අයට තමම ශරීරයේ ප්‍රතිශක්තිය වර්දනය කරගැනීම ඉතා වැදගත් වෙනවා.අපේ ශරීරයට පිටතින් ලබාගන්න පෝෂ්‍ය පදාර්ථයක් තමයි විටමින් කියන්නේ.සමහර විටමින් වර්ග වලට පුළුවන් විටමින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්න. මෙන්න මේ  විටමින් වර්ග කීපයක් ගැන තමා මම අද ඔයාලව දැනුවත්  කරන්න යන්නේ.

නිතර වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීමට පමණක් නොව, විවිධ වයිරස් බැක්ටිරියා රෝගවලින් ආරක්ෂවෙලා අවුරුද්ද පුරා හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට ඔබත් කැමති නම්, මෙම ප්‍රතිශක්තිය වැඩි කරන විටමින් බහුල ආහාර වේලක් ඇතුළත් කිරීම ඉතා වැදගත් වෙනවා.

විටමින්

රෙටිනෝල් ලෙසද හැඳින්වෙන විටමින් A ප්‍රතිශක්තිය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනවා.විශේෂයෙන් බඩවැලේ ඇති ශ්ලේෂ්මල ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරනවා . ප්‍රතිශක්තිකරණ පටක වලින් 70 ත් 80% ත් අතර ප්‍රමාණයක් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින බැවින් මෙය ඉතාම  වැදගත් වෙනවා.

ඔබේ ශරීරයේ ආහාර මාර්ගයේ ඇති බහු ශ්ලේෂ්මල පෘෂ්ටයන් ආහාර, විෂ හා ක්ෂුද්‍ර ජීවීන්ට නිරන්තරයෙන් නිරාවරණය වන අතර ඒ සෑම එකක්ම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීමේ හැකියාව ඇති ඒවාය.

විටමින් A මගින් ශ්ලේෂ්මල පාලනය කරන අතර සහ බඩවැල් සතුරන්ගෙන් මිතුරා හඳුනා ගැනීමටද  උපකාරී වෙනවා. ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර සඳහා වගකිව යුතු විශේෂිත ජාන ද විටමින් ඒ මගින් නියාමනය කරනු ලබනවා.

විටමින් A තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළද, පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට  විටමින් A අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ගැනීමද ශරීරයට එතරම් හිතකර නොවේ.

කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයට විටමින් A ලබා ගැනීමට   කැරට්, පැණිරස අර්තාපල්, කහ පැහැති එළවලු පලතුරු ,මෝර තෙල් ,පීකුදු කිරි , බිත්තර ආදිය ඔබගේ ආහාර වේලට එකතු කරගැනීමට පුළුවන්.

විටමින් B6

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා උත්ප්‍රේරකයක් ලෙස මෙය  ක්‍රියා කරනවා. විටමින් B6 ඉතා වැදගත් ආහාර ප්‍රතිශක්තීකරණ ඉහල නන්වන්නක්.

B6  ප්‍රතිශක්තීකරණයට  සෑම විටම දායක වන නියුට්‍රොෆිල්ස් සහ ටී ලිම්ෆොසයිට් වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. හානිකර වෛරස් හා බැක්ටීරියා වලට එරෙහිව සටන කිරීම සඳහා ප්‍රතිදේහද  නිපදවීමද සිදු කරනවා.

මාරාන්තිකව රෝගී වී සිටින රෝගීන් සඳහා, සති දෙකක අධි මාත්‍රාවකින් යුත් B6 (දිනකට 50-100mg) ලබා දීමෙන්  ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙනවා.

විටමින් B 6 බහුල ආහාර අතරට  මස්, කුකුල් මස්, මේද මාළු, ධාන්ය වර්ග සහ කොළ පැහැති එළවළු ඇතුළත් වෙනවා.

ඔබේ ආහාර වේලෙන්  ප්‍රමාණවත් තරම් විටමින් B 6 ලබා ගැනීමට ඔබට හැකි වුවද, සමහර ඖෂධ එම මට්ටම අඩු කරනවා.ඒ නිසා විටමින් B6 සහිත ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා.

විටමින් B 12

විටමින් B 12 ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන B විටමින් වර්ගයක්. B විටමින් එක හා සමානව ක්‍රියා නොකරන නිසා  ඔබ සියලු බී විටමින් පරිභෝජනය කරන බවට වග බලා ගන්න සිදුවෙනවා.

විටමින් B 12 බහුලව සොයාගත හැකි වන්නේ සත්ව නිෂ්පාදන වලයි .බිත්තර, කිරි, මස්,සැමන්,චීස් ,යෝගට්  බෙල්ලන් ආදියේ විටමින් B12 දක්නට ලැබෙනවා. නිර්මාංශිකයින්ට මෙහෙදී ගැළුවක් වෙනවා.එය මග හරවගන්න බයෝටින් අතිරේකයක් ලබා ගැනීමෙන් පුළුවන්.අපගේ ශරීරයට ප්‍රමාණවත් තරම් B12 නොලැබුන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ  සුදු රුධිරාණු ප්‍රමාණය අඩු වී , ආසාදන වලට ඇති අවදානම වැඩි කරනවා ,ඒ නිසා විටමින් B 12 ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.

විටමින් C

විටමින් C ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට බලපාන තවත් වැදගත් විටමිනයක්. ඇත්ත වශයෙන්ම, එය  වැදගත්ම විෂබීජ නාශක, ආතති-විරෝධී සහ ප්‍රතිඔක්සිකාරක කාරක වලින් එකකි. සත්ව රාජධානියේ පෝෂ්‍ය පදාර්ථ ස්වාභාවිකවම සංස්ලේෂණය කිරීමට අපොහොසත් වන විශේෂ කිහිපය අතර මිනිසත් එක් විශේෂයක්. ඒ නිසා ඒවා පිටින් ලබා ගත යුතුවෙනවා.අනුවර්තී සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලීය ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීමෙන් විටමින් C ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව වැඩි දියුණු කරනවා. පද්ධතිමය හා ශ්වසන ආසාදන වැලැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට අතිරේකව උපකාරී වෙනවා. තවද, විටමින් C මගින් දූෂක හා විෂ මගින් ඇති කරන ඔක්සිකාරක මගින් සිදුවන හානිවලින් අත්‍යවශ්‍ය ජෛව අණු ආරක්ෂා කරනවා. විටමින් C අඩංගු  ආහාර ප්‍රභවයන් අතර දොඩම් ඇතුළු දෙහි කුලයේ පලතුරු, රතු සහ කොළ ගම්මිරිස්, ගස්ලබු,තක්කාලි,පේර,බ්රොකොලි, ස්ට්රෝබෙරි ආදිය හදුන්වා දෙන්න පුළුවන්.

විටමින් D

ඔබ කවුරුත් හොදින්ම දන්නා සංඝටකයක් තමයි විටමින් D කියන්නේ. 

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධති වෛරස් හා බැක්ටීරියා ඉලක්ක කරන ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ආයුධ නිපදවන්නේ  විටමින් D මගින්. විටමින් Cමෙන්ම, ශ්වසන පද්ධතිය  ආසාදන  වීම වැළැක්වීම සඳහා එය විශේෂයෙන් විශිෂ්ට සේවයක් ඉටු කරනවා.අපට විටමින් D ලබාගන්න පුළුවන් බටර් ,මෝරතෙල් ,බිත්තර ,මාළු ,කිරි වගේ දේවල් ආහාරයට ගැනීමෙන්.

ඉතින් ඔයාලත් විශේෂයෙන්ම මේ වසංගත සමයේ රෝගවලින් ආරක්ෂාවෙන්න ඉහත සදහන් කරපු විටමින් වර්ග අඩංගු ආහාර ඔයාලගේ ආහාර වේලට වැඩිපුර එකතු කරගන්න.විශේෂයෙන්ම ප්‍රතිශක්තිය අඩු අය.එතකොට ඔයාලටත් පුළුවන් ලෙඩ අඩු ලස්සන ජිවිතයක් ගත කරන්න.