ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය
ඊශ්‍රායලය කියන්නේ ලෝකයේ දියුණුම කෘෂී තාක්ෂණය තියන රටයි.මේ තරම් දියුණු තාක්ෂණයකට හිමිකම් කියන්නේ ඔවුන්ගේ රටේ භූගෝලීය පිහිටීම නිසයි. මොකද ඔවුන්ගේ භූමි ප්‍රමාණයෙන් අඩකට වඩා තියෙන්නේ කාන්තාර.ඒ වගේම ජල සම්පත ඉතාම සීමිතයි.මේ නිසා ගොවිතැනට සුදුසු පරිසරයක් ඔවුන්ට නැහැ . ඔවුන්ට ස්වාභාවිකවම වගා කළ හැකි භූමි ප්‍රමාණය වන්නේ මුළු භුමි ප්‍රමාණයෙන් 20% ක් පමණයි. නමුත් ස්වභාවධර්මයට අභියෝග කරමින් නව තාක්ෂණය භාවිතයෙන් තමන්ගේම ආහාර අවශ්‍යතාවයන්ගෙන් 95% ක් ඔවුන් නිෂ්පාදනය කරගන්නවා. එපමණක් නොව ලෝකයේ ප්‍රධාන බෝග අපනයන කරුවෙක්ද වෙනවා. ඉතින් ඔවුන් භාවිතා කරන කෘෂී තාක්ෂණයන් කීපයක් ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුවා.
බිංදු ජල සම්පාදනය
මෙහිදී සිදු කරන්නේ ජල බිංදු කෙලින්ම ශාකයේ මුල පද්ධතියට ලබා දීමයි.එමගින් ජලය අපතේ යාම වලක්වා ඉහල ඵලදාවක් ලබා දෙනවා.ඒ නිසා අඩු ජල ප්‍රමාණයකින් වැඩි බෝග ප්‍රමාණයක් වගාකරන්න පුලුවන්.හරිතාගාර තුල මෙන්ම හරිතාගාර වලින් පිටදිත් ඔවුන් මෙම තාක්ෂණය භාවිතා කරනවා.
ජල ප්‍රතිචක්‍රීකරණය
මම කලින් කිව්වා වගේම ජලය කියන්නේ ඊශ්රායලජනතාවට සීමිත සම්පතක්.ඒ නිසාම එයාල ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පෙලබිලා තියනවා. විවිධ කර්මාන්ත ශාලා මගින් පිට කරන අපිරිසිදු ජලය ක්ෂුද්රජිවින් මගින් පිරිපහදු කරලා පිරිසිදු ජලය බවට පත් කරනවා.විවිධ ආකාරයෙන් පිටවන අපිරිසිදු ජලයෙන් 86% පමණ ඔවුන් නැවත මෙලෙස පිරිසිදු ජලය බවට පත් කරලා නැවත ප්‍රයෝජනයට ගන්නවා.
නව තාක්ෂණය
සැටලයිට් තාක්ෂණය මගින් drone තාක්ෂණයද භාවිතා කර වගා බිම් අධ්‍යනය කරනවා.මේ මගින් කුඩා කෘමි උවදුරක් උවද නිරීක්ෂණය කරන්න පුළුවන්. වගා බිමේ නිරීක්ෂණ දත්ත පරිගණකයකට ඇතුල් කිරීම මගින් වගා බිමේ ඇති ගැටළු සදහා පිළියම් නිගමනය කරනවා.පලිබෝධ ගැටළු මුලික අවදියේම හදුනා ගන්න මෙය ඉතාම හොද තාක්ෂණයක්.
ජෛව පළිබෝධනාශක භාවිතය
ජෛව පළිබෝධනාශක කියන්නේ වගාබිමේ සිටින පලිබෝධකයින් පාලනය කිරීමට ඔවුන්ගේ ස්වභාවික සතුරන් යොදා ගැනීමයි.මෙමගින් ඔවුන් රසායනික පලිබෝදනාශක භාවිතය 70% ක් පමණ අඩු කරගෙන තියනවා .ඒ නිසා රසායනික ද්‍රවය පරිසරයට සහ ආහාර වලට එකතු වීමත් අවම වෙනවා.
ජෛව පොහොර භාවිතය
මෙහිදී රසායනික පොහොර වෙනුවට කුද්රජිවින් පොහොර ලෙස භාවිත කරනවා.මෙහිදී ප්‍රධන වශයෙන් දිලිර වර්ගයක් භාවිත කරනවා.ඔවුන් ශාක මුල් මගින් පෝෂක අවශෝෂණය කරන ප්‍රමාණය වැඩි කරන නිසා අඩු පොහොර ප්‍රමාණයක් භාවිතා කර වැඩි පලදාවක් ලබා ගන්න පුළුවන් .මෙම දිලිර මගින් මුල පද්ධතිය ආශ්‍රිතව ඇති ශාකයට අවශෝෂණය කරන්න නොහැකි පෝෂ පදාර්ථ බිදහෙලා ශාකයට අවශෝෂණය වීමට සලස්වනවා.
රොබෝ තාක්ෂනය
අස්වැන්න ශාකවලින් නෙලා ගැනීම සදහා රොබෝ තාක්ෂනය භාවිත කරනවා.අඩු ශ්‍රමිකයන් පිරිසක් මගින් විශාල ප්‍රදේශයක් වගා කටයුතු කිරීමේ හැකියාව ඔවූන් සතුව තියනවා.
සංවේදක භාවිතය
ශාක වලට අවශ්‍ය පෝෂක මොනවද ,ජලය ලබාදිය යුත්තේ කුමන වේලාවේද යන්න සවේදක භා විතයෙන් දැනගන්න පුළුවන්.මේ නිසා නිශ්චිතවම ශාකයට අවශ්‍ය පෝෂක හා ජලය ලබා දී වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.පෝෂක හා ජලය අපතේ යාමද අවම වෙනවා.
ඉතින් ගොවිතැනට කොහෙත්ම සුදුසු නැති භූගෝලීය පරිසරයක් තියන ඊශ්‍රායලය වගේ රටක් කෘෂිකර්මාන්තයෙන් මෙපමණ දියුනුවක් ලබල තියෙන්නේ ඔවුන්ගේ තියන උත්සාහය හා කැපවීම එකමුතුකම නිසයි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලුම සාධක අඩුවක් නැතුව අපට තිබිලත් අපි බොහෝ ආහාර නිෂ්පාදන ගෙන්වන්නේ පිටරටින්.මේක වෙනස් කරන්න අපටත් දැන් කාලය ඇවිල්ලා.රටේ සියලු දෙනා උත්සාහයෙන් වඩා කලොත් නැවතත් ශ්‍රී ලංකව පෙරදිග ධනයාගාරයක් කරන්න බැරි කමක් නැහැ.