EPF ගැන මෙතෙක් ඔබ නොදත් දේ

EPF එහෙමත් නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල ගැන දත් නොදත් කරුණු බොහොමයක් තියනවා .

මොකද්ද මේ EPF ?

මෙය 1958 අංක 15 දරණ  පනත මගින් ඇතිකළ දැනට රු බිලියන 2289 (2018 වර්ෂයේදී ) මුදලකින් පොහොසත් හා දකුණු ආසියාවේ විශාලතම අරමුදලයි . මේ සදහා අර්ධ රාජ්‍ය , පුද්ගලික හා සංස්ථාපිත මණ්ඩල සේවක සේවිකාවන් මෙහි දායකත්වය දරයි . මෙහි පරිපාලනය මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි . මේ සදහා සේවකයාගේ වැටුපෙන් 8% ප්‍රමාණයක් හා සේව්‍යගෙන් 12% එක්ව මාසිකව වැටුපෙන් 20% එකතු වේ .

මේ සදහා දායකත්වය ලබන්නේ කෙසේද ?

ඔබ ස්ථිර ,අනියම් ,කොන්ත්‍රාත් ,දෛනික හෝ කැබලි ගණන පදනම මත සේවයේ යෙදි සිටිද මෙහි හිමිකම ඔබ සතුවේ. ඔබ සේවයට බැදෙන මුල් දවසෙම ආයතනය මගින් ඔබට දෙන ABH පෝරමය පුරවා සේව්‍යා මගින් කම්කරු කාර්යාලයට දීමෙන් මෙහි සාමාජිකත්වය ලබාගත හැක . ඔබ සේවය අවසන්කර එම ආයතනයෙන් නික්මෙන දිනට ආයතනයෙන් B කාඩ් එක ඉල්ලගෙන යාමට අමතක කරන්න එපා  .

මෙහි සාමාජිකයෙක් වීමෙන් ඔබට ලැබෙන වාසි මොනවද ?

අපි දන්නවා බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට ඇලුම් කරන්නේ ඇයි ?. ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය සුවසේ ගතකිරීමට ලැබෙන විශ්‍රාම වැටුප නිසයි . පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප යම් දිනක වන්නේ EPF එකයි . විශ්‍රාම වැටුපට වඩා EPF එකේ තවත් වාසි තිබෙනවා . ඒවා ගැන අපි දැන් බලමු .

  • ඔබට පුළුවන් ඔබ දැනටත් එහි දායකයෙක් නම් ,ඔබගේ EPF එකේ balance එකෙන් 75% වන තෙක් හෝ ඔබ මේවන විට එහි සාමාජිකයෙක් නොවේනම් එනම් සේවයෙන් ඉවත්වී සිටි නම් දැනට පවතින balance එකෙන් 50% වන තෙක් ඇපයට තබා බැංකුවකින් හෝ මුල්‍ය ආයතනයකින් නිවාස ණයක් ගන්න .
  • තවද ඔබ ඔබ මෙහි සාමාජිකත්වය වසර 10 සම්පුර්ණ කර ඇත්නම් ඔබට පුළුවන් එයින් 30% මුදලක් ලබාගන්න. මේ කෙසේ වෙතත් අප කියන්නේ මෙය ඔබගේ විශ්‍රාම ජිවිතයේ ප්‍රයෝජනයට තබාගන්නා ලෙසයි .
  • පිරිමි සාමාජිකයකුට වසර 55 සම්පුර්ණ වූ පසුද කාන්තාවකට වසර 50 පසුවූ පසුද මෙහි මුදල ලබාගත හැක .
  • කාන්තාවක් විවාහ වීමට මාස තුනකට පෙර රැකියාවෙන් ඉවත් වුවහොත් හෝ විවාහවී වසර 5 ඇතුලත සේවයෙන් ඉවත් වුවහොත් ඔබට පුළුවන් මෙහි මුදල් ලබා ගන්න.
  • එසේත් නැත්නම් ඔබ පිටරටක පදින්චියකට (Migrate) යනව නම් හෝ සදාකාලික අබ්බගාත තත්වයක් නිසා රැකියාවෙන් ඉවත්වන්නේ නම්, එසේත් නැත්නම් රජයේ රැකියාවකට යන්නේ නම් මෙහි ප්‍රතිලාබය 55ට ප්‍රථම ලබාගත හැක.
  • තවත් එක අවස්ථාවක් පවතී , එනම් ආයතනය සම්පුර්ණයෙන් වසාදමා රැකියා අහිමි වූ පසුත් ප්‍රතිලාබ 55 ට ප්‍රථම ලබාගත හැක.

දැනට ඔබේ balance එක බලා ගන්න පුළුවන් මහ බැංකුවට ගොස් ID ලබාදී, නැත්නම් e- service හෝ SMS සේවාව සක්‍රිය කරගනිමින්.

මෙය අපි හැමෝ ගෙම සේවාවක් මේ ගැන අපි හැමෝම දැනගත යුතුයි . අවසාන වශයෙන් මේ සේවාවන් ලබාගැනීමේ පෝරම (form ) WWW.epf.lk  වෙබ් අඩවියෙන් ලබාගත හැක .