ලොවටම අභිරහසක් වූ ඉන්කාවරුන්ගේ බලකොටුව
මචු පික්චු යනු පේරු හි ඇන්ඩීස් කඳුකරයේ රුබම්බා ගංගා නිම්නයට ඉහළින් පිහිටි ඉන්කාවරුන්ගේ බලකොටුවකි. 15 වන ශතවර්ෂයේ ඉදිකරන ලද සහ පසුව අතහැර දැමූ මෙම බලකොටුව සෑදුව හේතුව අදටත් අභිරහසක්. වර්තමානයෙනම් මෙම ස්ථානය සංචාරකයන්ගේ පරාදීසයක් පරාදීසයක් බවට පත් වී තිබෙනව.
ගවේෂකයකු වූ හීරාම් බිංග්හැම් 1911 දී මචු පික්චු සොයා ගන්නා ලදී.ඒ වන තෙක්ම මෙම ස්ථානය පිටස්තර ලෝකයට නිරවරනය නොවී තිබීමට මෙහි පිහිටීමත් විශාල ලෙස බලපා තිබෙන බවට විශ්වාස කරන්න පුලුවන්.
ඉන්කා අධිරාජ්‍යය පුරා ඇති සෑම ගොඩනැගිල්ලක්ම වගෙ හදල තියෙන්නෙ එකිනෙක තබන ලද ගල් පාවිච්චි කරල. මෙම ගල් ඉතා නිවැරදිව කපා ඇති අතර ඒවා එකිනෙකට සමීපව තියා තිබෙනව. ඒවා අතර ක්‍රෙඩිට් කාඩ්පතක්වත් ඇතුළත් කළ නොහැකි තරම් සූක්ෂම ලෙසට මෙය නිම කරල තියෙනව.
මෙම ප්‍රදේශයට නිතරම පාහේ භූමි කම්පා වලට මුහුණ දුන්නත් මෙම ගලෙන් කරන්න ලද බලකොටුව අදටත් නොනැසී පවතිනව.
කෙසේ නමුත් මෙය නිර්මානය කර අවුරුදු 100 ක් යන්නත් කලින්ම ඉන්කාවරුන් මෙම බලකොටුව බලකොටුව අතහැර දමනව. එයට හේතුව තවමත් ලොවට අභිරහසක්ව පවතිනව.
1983 දී ඇමරිකාවේ යුනෙස්කෝව විසින් මෙය ලෝක උරුමයක් ලෙස නම් කරල තියෙනව.
හැමදාම මේ වගෙ දේවල් දැන ගන්න පහත like Button එක press කරන්න.