Google පාවිචි කරල කරන්න පුලුවන් දෙවල්
අද බොහෝ දෙනෙක් අන්තර්ජාලය භාවිතා කරනව. එ වගේම අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් ගූගල් සෙවුම් යන්ත්රය භාවිතා කර නැති කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්.අපි බොහෝ දෙනෙක් ගූගල් සෙවුම් යන්ත්රය භාවිතා කරන්නෙ අන්තර්ජාලයේ යම් දෙයක් සොයන්න නමුත් වෙනත් බොහෝ දේ සඳහාද අපිට ගූගල් සෙවුම් යන්ත්රය භාවිතා කළ හැකිය. අද අපි කියන්න යන්නෙ ගූගල් සෙවුම් යන්ත්රය භාවිතා කරල කරන්න පුලුවන් තවත් දේවල් කීපයක් පිලිබදවයි.
AR තාක්ෂණය මගින් සතුන් බලන්න.
Google ආයතනය මගින් දීල තියෙන මේ AR – Augmented Reality පහසුකම මගින් අපිට සතුන් ලග ඉන්නව වගෙ බලා ගන්න පුලුවන්. අපිට කරන්න තියෙන්නෙ ඔබගෙ ජංගම දුරකථනයෙ Browser එකට ගිහින් බලන්න කැමති සතාගෙ නම search කරන්න. උදාහරණයක් ලෙස tiger ලෙස ටයිප් කරමු .එතකොට මේ වගෙ රූපයක් දිස් වේවි.
මෙහි පේන්න තියෙන “View in 3D ” ක්ලික් කරන්න. ඉන් පසුව පහත පේනව වගෙ කොටියෙකුගෙ 3D ආකෘතියක් ඔබට දිස් වේවි
මෙහි ඇති View in your your space ක්ලික් කරන්න. මෙම අවස්ථාවේ දී ඔබට 3D මොඩලය බාගත කිරීමට සහ AR පහසුකම සදහා අවසර ලබා දීමට සිදු වෙනව. මෙහි ඇති View in your your space ක්ලික් කරන්න. උපදෙස් පරිදි දුරකථනය කරකවන්න.දැන් කොටියෙකු ලග සිටිනව වගෙ පෙනෙවි.
හැබැයි මේ පහසුකම දැනට සෑම ජංගම දුරකථනයකටම දීලනම් නෑ. ඔබේ දුරකතනයේ මේ පහසුකම වැඩ නැත්නම් මේ ලිස්ට් එක බලන්න. Google AR ,support කරන ලිස්ට් එක මෙතන තියෙනව.
https://developers.google.com/ar/discover/supported-devices
Games ගහන්නත් පුලුවන්
පොඩි කම්මැලිකමට game එකක් ගහන්න හිතුනොත් install කර කර ඉන්න ඔනෙ නැති පොඩි games ටිකක් google ඒකෙන් දීල තියෙනව. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
Tic tac toe game එක
මේ game එකනම් නොදන්න කෙනෙක් නැති තරම්. මේක play කරන්න අපිට කරන්න තියෙන්නෙ google එකෙ tic tac toe කියල search කරන්න. එතකොට මේ වගෙ game එක දකින්න ලැබේවි.
Snake game එක
මේ game එකත් හැමෝම අතර ගොඩක් ප්රසිද්ධයි. Smart phone එන්න කලින් ඉදන් මේ game එක ජංගම දුරකථන වල තිබුන. මේ game එක paly කරන්න ඔනෙනම් කරන්න තියෙන්නෙ snake game කියල ටයිප් කරන්න.
Level එක බලන්න
ඔබට යම් මතුපිටක level එක බලන්න ඕනෙ උනොත් ඊට අදාල උපකරනයක් හෝ level එක බලන ඇප් එකක් හොය හොය ඉන්න ඔනෙ නෑ. කරන්න තියෙන්නෙ ඔයාගෙ ජංගම දුරකථනයෙ bubble level කියල search කරන්න. මේ වගෙ ලේසියෙන්ම level එක බලාගන්න පුලුවන්.