දිව ඔසුවක් වන් දේශීය වී වර්ග

දේශීය වී ප්‍රබේද වල ඖෂධීය හා පෝෂණීය ගුණ ගැන ඔබ දන්නවද 

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආහාර බෝගය වෙන්නේ සහල්.අතීතයේදී පෝෂණ ගුණයෙන් හා ඖෂධිය ගුණයෙන් ඉහල සහල් පරිබෝජනය කලත් විවිධ ආර්ථික වාසි උදෙසා අද බොහෝදෙනා පරිබෝජනයට ගන්නේත් වගා කරන්නෙත් පෝෂණ ගුණයෙන් අඩු නව සහල් ප්‍රභේදයි.මේ නිසා අපේ රටේ වර්තමාන පරම්පරාව පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වන පිරිසක් බවට පත් වෙලා තියනවා . පොඩි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා විවිධ ලෙඩ .ශක්තිමත් මුතුන්මිත්තන් හිටිය අපට මේ වගේ රෝගී ජිවිතයක් උරුම වෙලා තියෙන්නේ අපේ මුතුන්මිත්තෝ ගත්ත පෝෂණීය ආහාර අපි ගන්නේ නැති නිසයි.දේශීය සහල් ප්‍රභේද ගැන දැනුම තියෙන්නෙත් බොහොම සුළු පිරිසකටයි .ඒ නිසා එ ගැන දැනුවත් කරන්න හිතුනා.මේ ගැන කියවල නව වී ප්‍රභේද මදකට බැහැර කරලා දේශීය වී ප්‍රබේද පරිබෝජනය යොමු වෙලා නිරෝගිමත් ජිවිතයක් ගත කරන්න කියල ආරාධනා කරනවා .

සුවදැල්

සුවදැල් කියන්නේ දියවැඩියා රෝගීන්ට හොදම සහල් වර්ගයක්.ඒ වගේම තුවාල  සහ මලබද්ධය පාලනය කරන්නත් අධි රුධිර පීඩනය අඩු කරන්නත්  උදවු වෙනවා. පිරිමි ලිංගික ශක්තිය වැඩි කරීමටත් දායක වෙනවා.ඒ විතරක් නෙමෙයි දීප්තිමත් සමක් ප්‍රවර්ධනය කරනවා.සුවදැල් වල පෝෂණ ගුණය ගැන කතා කලොත්  කාබෝහයිඩ්‍රේට්, විටමින්, මේද හා ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා.

පැසුනු සුවදැල් වී කරලක්

රත් ඇල්

රත් ඇල් කියන්නෙත් ඖෂධිය ගුණයෙන් වැඩි සහල් වර්ගයක්.දියවැඩියාව, සිරෝසිස් ,වෛරස් උණ,සමේ කැක්කුම ,මුත්‍රා රෝග ආදිය පාලනය කරන්න උපකාරී වෙනවා .

පච්චපෙරුමල්

මෙම සහල් වර්ගයත් දියවැඩියාව,අධි රුධිර පීඩනය, හෘද රෝග පාලනය කිරීමට උදවු වෙනවා .ඊට අමතරව ශරීරය සිසිල් කිරීමට, ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීමට සහ ශරීරයේ තයිරොක්සින් නිෂ්පාදනය අඩු කිරීමට, බැහැර කිරීමේ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට සහ රතු රුධිර සෛල වර්ධනයට අවශ්‍ය සමහර එන්සයිම හා හෝමෝන නිපදවීමට උපකාරී වෙනවා.පෝෂණ ගුණය අතින් ප්‍රෝටීන, විටමින්, ක්ෂුද්‍ර පෝෂකවලින් බහුල  අතර ධානය ප්‍රතිඔක්සිකාරක කාරක වලින් පොහොසත් වෙනවා

කළු හීනාටි

ඈත අතීතයේදී  මේ ප්‍රභේදය පාචනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් අඩු කරන්න ඖෂධයක් විදියට  භාවිතා කරල තියනවා.මේ සහල් වල තන්තු අන්තර්ගතය බහුල නිසා බඩවැල් චලනය නියාමනය කරන්න උදවු වෙනවා.ඒ වගේම ප්‍රතිශක්තිය ,පිරිමි ලිංගික ශක්තිය හා ශාරීරික ශක්තිය වර්ධනය කරනවා.කළු හිනටිවල ඛනිජ හා යකඩ හා සින්ක් වැනි ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථ බහුල නිසා කිරි දෙන මවු වරුන්ට හැමදාම දෙන්න සුදුසුයි කියල නිර්දේශ කරලා තියනවා.

රතු හීනාටි

රතු හීනටි හෙපටයිටිස් සහ පාචනය රෝගීන්ට ප්‍රතිකාර කරන්න භාවිතා කරනවා.මවුවරුන්ටත් ළදරුවන්ගේ පළමු ආහාරය විදියටත් ඉතාම සුදුසුයි.මේ සහල් යකඩ, සින්ක් සහ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වෙනවා.

 සුදු  හීනටි

මේ සහල් ප්‍රභේදය ඉහල ඖෂධිය හා පෝෂණීය ගුණ වලින් සමන්විත වෙනවා. දැවිල්ල, දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, කොලෙස්ටරෝල්, මලබද්ධය සඳහා සුදුසු බව සොයාගෙන තියනවා.ඒ වගේම  ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් උදවු වෙනවා. සුදු හීනටි විටමින් ඊ, යකඩ, සින්ක් සහ අනෙකුත් ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වෙනවා.