අඳුරේ ජංගම දුරකථන භාවිතා කිරීම භයානකයි
ජංගම දුරකතනය කියන්නෙ අද අපි කාටත් නැතිවම බැරි මෙවලමක්. අපේ නොයකුත් අවෂ්යතා වලට ජංගම දුරකතනය ගොඩාක් ප්රයොජනවත්. එත් නිසි අකාරව මෙය භාවිතා නොකිරිම නිසා අපිට සෞඛ්යය ගැටලු රාශියකට මුහුන දෙන්නත් සිදු වෙනව. අද අපි කතා කරන්නෙ ජංගම දුරකතනය නිසා මුහුණ පාන්න වෙන්න සෞඛ්යය ගැටලු ගැන.
ඇසේ පෙනිමට හානි කිරීම.
අපි භාවිතා කරන ,ජංගම දුරකථන,පරිගණක , ටැබ් පරිගණක වලින් පිට වෙන්නෙ අපේ ඇහැට අහිතකර නිල් අලෝකයි(Blue Light) . මෙම උපකරණ වලින් පිට වන නිල් අලෝකය මගින් දෘෂ්ටි විතානයට (Retina) හානි සිදු විය හැක. අපි ගොඩක් දෙනෙක් රෑ නිදි මත එනකන් හෝ නින්දට යන්න කලින් ජංගම දුරකථන අදුරේම භාවිතා කරනව.එත් මේ පුරුද්දනම් ඉතාමත් භයානාක වෙන්න පුලුවන්. ඔබ නිතර අදුරේ ජංගම දුරකථන අදුරේ භාවිත කරන්නෙනම් එමගින් ඔබේ ඇස් වල ස්ථීර හානි සිදු වීමට පුලුවන්. මේ තත්වය කොච්චර භයනකද කියනවනම් ඔබෙ ඇස් අන්ධ වෙන්න උනත් පුලුවන්.
නිදා ගැනීමේ චක්රයට වන බලපෑම.
ජංගම දුරකථන මගින් නිකුත් කරන නිල් ආලෝකය මෙලටොනින් නිෂ්පාදනයට බලපායි. මෙලාටොනින් යනු කෙනෙකුට නිදා ගැනීමට උපකාර වන හෝමෝන වලින් එකක් වන අතර නින්ද චක්රය නියාමනය කරයි. නින්දට යාමට පෙර රාත්රියේදී ජංගම දුරකථනය නිතිපතා භාවිතා කිරීම නින්ද නොලැබීමට හේතු විය හැකි බැවින් ඔබේ මනස ඕනෑවට වඩා කලබලයට හෝ ක්රියාකාරී වීමට ඉඩ ඇත.
ජංගම දුරකථන හා අනෙකුත් උපකරණ ඔබට හානියක් නොවන ලෙස භාවිතා කරන්නෙ කොහොමද ?
- අදුරේදී ජංගම දුරකථන,පරිගණක සහ ටැබ් පරිගණක පාවිච්චි කරන්න එපා.
- රාත්රී කාලයේ ජංගම දුරකථන භාවිත කරද්දි Blue Light Filter ඇප් එකක් භාවිතා කරන්න. මෙවැනි මෘදුකාංග මගින් නිල් අලෝක විමොචනය වීම තරමක් දුරට අඩු කරනව.
- ඒ වගෙ පුලුවන්නම් Blue Light Filter උපැස් යුවලක් භාවිතා කරන්න.
- නින්දට යෑමට අඩුම තරමෙ මිනිත්තු 30 ට කලින්වත් ජංගම දුරකථන, ටැබ් පරිගණක භාවිතය නවත්වන්න.
මේ දේවල් වලින් ඔබගේ ඇස් ආරක්ෂා වෙනව වගෙම හොද නින්දකුත් ලබා ගන්න පුලුවන්. ඒ වගේම පහසුවෙන් උදේට නැගිටින්නත් පුලුවන් වේවි.